දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි – STF හයකට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයට අද (11) රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු යලිත් එහි කොටසක් කඩා වැටිමෙන් එම ස්ථානයට ගොස් එය ඉවත් කිරිමේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ හය දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටසේ 102 වැනි කිලෝමීටරයේ මංතීරු හතරම අවහිර කරමින් කඩා වැටී තිබෙන බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉමදූවෙන් පිටවී කොළඹ දෙසට යන විට නැවත පින්නදූවෙන් ඇතුළු වන ලෙසයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය රියදුරන්ට උපදෙස් ලබා දී තිබේ.

හම්බන්තොට සිට කොළඹ දෙසට පැමිණෙන සියලු රථ වාහන, ඉමදූව පිවිසුමෙන් පිටවි පින්නදුවෙන් ඇතුළු වන ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි

ඉහත ඡායාරූපය සංරක්ෂිත ඡායාරූපයකි

Werzuo Digital

Leave a Reply