ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සහ කාන්තාවක් අතුරුදන් වී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා එරට සංචාරක හෝටලයක සේවය කළ අයකු බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටියත් දකුණු කලාපයේ සිටින්නේ සුළු පිරිසක් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.
අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි වුවහොත් ඔහුගේ තොරතුරු රතු කුරුස සංවිධානයට ලබා දෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැවසුවේය.
මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවය.
ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකිය.
එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ නැති නම් ඔවුන් පිළිබඳව තොරතුරු ලබාගැනීමට 1989 අංකය අමතා දැනුම් දිමට හැකිය.
ඊශ්‍රායලයේ සහ පලස්තීනයෙහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල – පලස්තීනය අතර දරුණු යුද ගැටුම් – ශ්‍රි ලංකාවේ දැඩි කනස්සල්ල