ඇෆ්ගනිස්තානයේ බිහිසුණු භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

බටහිර ඇෆ්ගනිස්තානයේ ඊයේ හටගත් රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ක් සටහන් කල බිහිසුණු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙහිදී තුවාල ලැබු සංඛ්‍යාව 10,000 ඉක්මවන බවද එම වාර්තා සඳහන් කළේය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ, රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූකම්පනය ඉරාන දේශසීමාවට ආසන්න බටහිර නගරයක් වන හේරත් සිට කිලෝමීටර 40ක් පමණ දුරින් හටගෙන ඇති බවයි.

නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් තලේබාන් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය

ගම්මාන 6 ක් මුළුමනින්ම බිමට සමතලා වී ඇති බව ද වාර්තා වේ.

දශක දෙකකට පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙය බවද එම වාර්තා සඳහන් කළේය.

Werzuo Digital

One thought on “ඇෆ්ගනිස්තානයේ බිහිසුණු භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

Leave a Reply