මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික නිවසක් තුලට ඇතුළු වී එහි සිටි සේවිකාවන් දෙදෙනාට පොල්ලකින් පහර දී ගෙල මිරිකා ඝාතනය කොට නිවසේ තිබු ඉමිටේෂන් රන් ආභරණ සහ රට කාසි 12 ක් සොරකම් කර ගෙන ගිය බව කියන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබුණේ පාලටුව, මාලිම්බඩ, අගලවත්තේ පදිංචිව 67 හැවිරිදි හා වල්ගම මාතොටගම පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
ඔවූන් අදාල නිවසේ නාන කාමරයක හා වැසිකිලියක් තුල මරා දමා තිබෙන අයුරු ගෙහිමි ව්‍යාපාරික කාන්තාව දැක පොලීසිය වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ මාතර මූලස්ථාන පොලිසිය ඒ අසල නිවසක CCTV කැමරා පරික්ෂා කොට මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.