කැබ් රථයකට පොලිසිය නතර කිරීමට අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කරද්දි ටයර්වලට වෙඩි තබා ඊයේ (23) අත්අඩංගවට ගත් බව පොලිසිය පවසයි.
තංගල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ එම කැබ් රථයට සිටිනාමලුව දි සහ බෙලිඅත්ත නගරයේ නතර කරන ලෙසට අණ කර ඇතත් පොලිස් අණ නොතකා ධාවනය කර ඇත.
මෙහිදි වාහනයට හෝ එහි ගමන්ගත් දෙදෙනාට හෝ කිසිදු තුවාලයක් සිදුව නැත.
එහි රියදුරු ලෙස ගමන් කල කඹුරුපිටිය ප්රදේශයේ තරුණයකු සහ මාලිම්බඩ පදිංචි 65 හැවිරිදි ඔහුගේ ලොකු අම්මා බව පැවසෙන කතක් ගමන් කර ඇතත් සැකකටයුතු කිසිවක් සොයා ගෙන නැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.