ගාල්ල ඩික්සන් පාරේ දි අද (23) රාත්‍රි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රෙදිපිළි වෙළඳසලක් පවත්වා ගෙන යන 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු මෝටර් රථයෙන් යමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තබා ඇති අතර වෙඩි තැබිමෙන් පසු ඔවුන් පලා ගොස් ඇත.
ඝාතනයට පැමිණි පුද්ගලයන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර රැසක් එල්ලකර ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ව්‍යාපාරිකයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය හෙට (24) පැවත්විමට නියමිතව තිබේ.
ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ