කිරමආර ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු  දියේ ගිලී අතුරුදන්

කඹුරුපිටිය, සපුගොඩ විද්‍යානිකේත පිරිවෙන අසලින් ගලා බසින කිරමආර ඇලේ අද (22) දහවල් දියනෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ කඹුරුපිටිය පදිංචි මාතර ශාන්ත තෝමස් විද්‍යාලයයේ 08 වසරේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවා තම පාසලේ පවත්වන ලද හොකී පුහුණුවෙන් පසු තවත් සිසුන් පිරිසක් සමග තම නිවසට පැමිණෙන අතරතුරදී මෙම ස්ථානයට දියනෑමට ගගට බැස ඇති අතර පසුව ඔහු  සැඩ පහරට අසු වී ගසාගෙන ගොස් ඇත. 

මෙතෙක් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇති අතර සිසුවා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply