Google Map ආධාරයෙන් රිය ධාවනය කර කඩා වැටුණු පාලමකින් වැටී මියගිය අයෙකුගේ බිරිඳගෙන් Google සමාගමට නඩු

ගූගල් සිතියම (Google Map) ආධාරයෙන් උතුරු කැරොලිනාවේ රිය ධාවනය කළ පුද්ගලයෙකු ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා වැටුණු පාලමකින් රිය සමඟ පහළට වැටී මරණයට පත් වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව නඩු දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු ගමන් ගත් මාර්ගයේ තිබූ පාලම 2013 දී අර්ධ වශයෙන් කඩා වැටීමෙන් පසු අලුත්වැඩියා කර නොමැති බවත් ගූගල් සමාගම තම සිතියමේ එය යාවත්කලීන කර නොමැති බවත් ගූගල් සමාගමේ නොසැලකිල්ල පිලිප් පැක්සන් ගේ මරණයට හේතු වූ බවත් පවසමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

වෛද්‍ය උපකරණ අලෙවිකරුවෙකු වූ පිලිප් පැක්සන් පසුගිය සැප්තැම්බරයේ මෙම අනතුරට මුහුණ දී ඇති බවත් ඔහු දෙදරු පියෙකු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ඔහුගේ දියණියගේ උපන්දිනය දා නැවතත් නිවසට පැමිණීම සඳහා නොදන්නා මාර්ගයක පැමිණ ඇති බවත් එහිදී ආරක්ෂිතව නිවසට පැමිණීම සඳහා ගූගල් සිතියම භාවිත කර ඇති බවත් ඔහුගේ බිරිඳ පවසා ඇත. එම අවස්ථාවේ කඩා වැටුණු පාලම උඩින් ධාවනය කරන ලෙස ගූගල් සිතියම පෙන්වා ඇතැයි පැක්සන්ගේ බිරිඳ ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කරමින් ප්‍රකාශ කර තිබේ. 

https://www.cnn.com/2023/09/21/us/father-death-google-gps-drive-off-bridge-lawsuit-north-carolina/index.html

Werzuo Digital

Leave a Reply