පොලිසියට බියෙන් පලාගිය පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානිකර ගනී

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ගිය දුම්රිය දෙපාර්තමේන්තු කම්කරුවෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙන බව ගම්පොළ පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථයකින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්බරයක් ප්‍රවාහනය කරමින් සිටියදී එහි රියදුරු ගම්පොල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී එම ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් මෙම දිවි නසාගත් පුද්ගලයා ත්‍රීරෝද රථයෙන් පැන පලාගොස් තිබෙන බව පොලීසිය පවසයි.

මෙලෙස පලාගිය 46 හැවිරිදිගම්පොළ, කහටපිටිය දුම්රිය නිවාස වල පදිංචි පුද්ගලයාඋඩෝවිට, වැලිගල්ල ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගම්පොල පොලිසිය සිදු කරගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply