මොළයේ සෛල විනාශ කරන බියකරු නිපා වෛරසය ඉන්දියාවෙන් වාර්තා වෙයි

දුර්ලභ වෛරසයක් වන නිපා වෛරස ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම වෛරසය හේතුවෙන් මේ වන විට දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇත.

මෙම දෙදෙනාම එකම පවුලේ සාමාජීකයන් බව වාර්තා වෙයි.

තවත් දෙදෙනෙකුට මෙම වෛරසය මේ වන විට ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ජෛව සාම්පල් පරීක්ෂණ වලට යවා තිබෙන බව එම වාර්තා සදහන් කලේය.

නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවත් එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන් බවත් වෛද්‍යවරු පවසති.

ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇති අතර මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බවද සඳහන් ය.

නිපා වෛරසය පාලනය කිරීමට කේරළ ප්‍රාන්තයේ සමහර පාසල් සහ රජයේ ආයතන වසා දැමීමටත් පොදු ගමනාගමන සේවා තාවකාලිකව අත්හිටුවීමටත් ඊයේ (13) එම ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කලේය.

Werzuo Digital

Leave a Reply