ඉකුත් දින කිහිපය තුල පවතින අයහපත් කාලගුණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 101 අර්ධ හානි සිදුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
මින් පවුල් 102 ක පුද්ගලයින් 50 දෙනෙකු පමණ පීඩාවට පත්ව තිබෙන බවද එම මධ්‍යස්ථානය පවසයි.
ගස් කඩාවැටීම්, පස් කණ්ඩි කඩා වැටීම් නිසා මෙම නිවාසවලට හානි සිදුව තිබේ.
මින් වැඩිම හානිය සිදුව ඇත්තේ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වන අතර එහි හානි වු නිවාස සංඛ්‍යාව 15කි.
කරන්දෙණිය 08, බෝපේ පෝද්දල 10, වැලිවිටිය දිවිතුර 02, ඇල්පිටිය 06, ඉමදුව 05, රත්ගම 06, හබරාදුව 04 , නෙළුව 05, නාගොඩ 04, තවලම 10 , මාදම්පාගම 2, අම්බලන්ගොඩ 05, බලපිටිය 03, බෙන්තොට 03, නියාගම 02, ගෝනපීනුවල 04, අක්මීමන 05 සහ යක්කලමුල්ල 02 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් නිවාස හානි වාර්තා වි ඇත