පොලිස් නිලධාරියෙක් වෙඩිතබා ගනී

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

අද (28) උදෑසන ඔහු සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ පොලිස් නිලධාරියා මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීයෙකු බව සඳහන්ය.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply