මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සම ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සඳහා විවිධ ආලේපන වර්ග ගැල්වීම ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතු බවයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය සඳහන් පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙවන් අදහසක්,
”මේ දිනවල සම ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. මොකද අව් රශ්මිය නිසා සමට ඇතිවන බලපෑම විවිධාකාරයි. විශේෂයෙන්ම දැඩි හිරු රශ්මිය තියන කාලවල ඒ කියන්නේ 10.00 – 2.00 කාල සීමාව තුළ එළියට නොයා ඉන්න පුළුවන් නම් හොඳයි.
එහෙම යනවා නම් ඔබ හිරු එළියෙන් ආරක්ෂා වෙන එක හොඳයි. තොප්පියක් පැළදීම, කුඩයක් භාවිත කිරීම, සන් ක්‍රීම් භාවිත කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සුදු කබර වගේ සමේ රෝගී තත්ත්වයක් තිබෙනවා නම් හිරි එළියෙන් ආරක්ෂා වීම අනිවාර්ය වෙනවා.
කුඩා දරුවන්වත් මේ රශ්නයෙන් ආරක්ෂා කිරීම අනිවාර්ය වෙනවා. පාසල්වල කුඩා දරුවන් වුණත් හිස් වැසුම් පැළදීම, සන් ක්‍රීම් භාවිත කිරීම හොදයි