ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් තොගයක් අලවි කිරිම සඳහා රැගෙන යන බවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ව්‍යාපාරිකයෙකු විසින් ශීතකරන ලද ලොරි රථයක් තුළ රැගෙන යමින් තිබූ පරා මත්ස්‍යයින් කිලෝ 1388කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය කාර්යාලය පවසයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විෂේශ වැටලීම් ඒකකය විසින් ඊයේ (15) දින කුච්චවේලි ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.
පුපුරන ද්‍රව්‍යය යොදා මසුන් මැරීම, මරන ලද මසුන් අලෙවි කිරිම,ප්‍රවාහනය,සන්තකයේ තබාගැනීම, මෙන්ම ප්‍රදර්ශනය කිරිම 1996 ධීවර හා ජලජ සම්පත් පනතේ 27 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු, ශීතකරන ලොරි රථය සහ මත්සයින් තොගය කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.