යුද සමයේ වළ දැමු පැරණි බිම් බෝම්බය අලියාට මරු කැඳවයි

යුද සමයේදී වළලා තිබූ බිම් බෝම්බයක් හදිසියේම පුපුරා යාම නිසා ඊට ගොදුරු වූ වන අලියෙකු පෙරේදා (07) ජීවිතක්ෂයට පත්ව තිබේ.

වයස අවුරුදු දොළහක් පමණ වන මෙම වන අලියා මුලතිව් ඕඩ්ඩිසුඩාන් පාරේදී බිම් බෝම්බයට හසුව ඇත.

බිම් බෝම්බයට හසුව මිය ගිය වන අලියාගේ සිරුර සම්පූර්ණයෙන්ම පිලිස්සී ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට තොරතුරු වාර්තා වීමෙන් පසුව නිලධාරීන් පිරිසක් එහි ගොස් තිබේ.

මියගිය වන අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර, මුලතිව් වනජීවී නිලධාරීන් හා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Werzuo Digital

Leave a Reply