ත්‍රිකුණාමලයේ චීන වරාය ධාවනය පථයෙන් ගුවන් ගතකළ පුහුණු ගුවන්යානයක් කඩා වැටී තිබෙන බව පොලිසිය පවසයි.
ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් චින වරාය කඳවුරු ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27ට පමණ ගුවන් හමුදා චින වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇත.
අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් මේ වනවිටත් පත්කර ඇති අතර විමර්ෂකයින් මේ වනවිට කටයුතු ආරම්භ කර තිබේ.