පාසල් සිසුවාගේ බෙල්ල කපා බෑගය උදුරාගෙන ගිහින්

උපකාරක පන්තියකට දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා තුවාල කළ නාඳුනන පුද්ගලයකු ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගොස් ඇතැයි මීරිගම පොලිසිය පවසයි.

මෙම අද (06) සිදුව ඇති අතර සිද්ධියට මුහුණ පා ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

බස්රථයකින් මිරිගම බස් නැවතුම්පළට පැමිණි මෙම සිසුවා තවත් සිසුවකු සමග දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට පයින් ගමන් කරද්දී මේ සිද්ධිය වී ඇතැයි හෙළි වී ඇත.

පිටුපසින් ගමන් කළ සිසුන් දෙදෙනා දුරකථනය බලමින් ගමන් කර ඇති නිසා සිදු වූ සිද්ධිය පිළිබඳව දැක නැති අතර ඉදිරියෙන් ගිය දෙදෙනා කෑගහනවා ඇසි බලද්දී පුද්ගලයකු විල්වත්ත රේල් ගේට්ටුව දෙසට දිව යනවා දැක ඇතැයි හෙළි වී ඇත.

උදුරාගෙන ගිය බෑගය ලඳු කැලෑවක දමා තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ සිසුවාගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply