ශ්‍රි ලංකාව එදා සිදුකල ඒ සංවේදී කතාව අපිට අමතක කරන්න බැහැ – ජපාන විදේශ ඇමති

දෙවන ලෝක යුද්ධය අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සමුළුවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ සංවේදී කතාව ජපාන ජනතාව කිසිදා අමතක නොකරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජපන් විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා,

“මගේ ජීවිතයේ ප්‍රථම වතාවට සහ ජපාන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර 4ක කාලයක් තුළ පළමු වරට මේ සුන්දර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම ගැන සතුට පළකරනවා. දෙවන ලෝක යුද්ධය අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සමුළුවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ සංවේදී කතාව ජපාන ජනතාව කිසිදා අමතක නොකරන අතර එය ජපානය නැවතත් ජාත්‍යන්තර ප්‍රජාව වෙත පිය මැනීමේ මුල් පියවරක් බව පැවසිය යුතුයි.” 

“එතැන් පටන් ජපානය ශ්‍රී ලංකාව සමග සිටිමින් අඛණ්ඩව කටයුතු කළ අතර ඉදිරියේදී ද ශ්‍රී ලංකාවට සහාය වීමට ඉතා කැමැත්තෙන් සිටිනවා.” 

“මෙම පසුමිබ තුළ අප දෙරටේ මිතුරු සබඳතා වැඩිදියුණු කර ගැනීමටයි මෙහි පැමිණියේ.”

Werzuo Digital

Leave a Reply