තිස්සමහාරාමයේ මාරක රිය අනතුරකින් අඹුසැමි යුවළකට දිවි අහිමි වෙයි

තිස්ස – කතරගම ප්‍රධාන මාර්ගයේ 07 කණුව ආසන්නයේදී වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අද දහවල් (29) සිදුවු මාරක රිය අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් ඔවුන්ගේ පුතෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ යතුරුපැදයේ ගමන් ගත් තිස්සමහාරාමය ජූල්පල්ලම පදිංචි 51 හැවිරිදි ගුරුවරියක සහ ඇගේ 62 හැවිරිදි සැමියා බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබු ඔවුන්ගේ 14 හැවිරිදි ළමයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබේ.

වෑන් රථය පැදවූ රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බවට හැඟි නිසා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව තිස්සමහරාම පොලීසිය පවසයි.

අනතුර සිදු කරන ලද වෑන් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Werzuo Digital

Leave a Reply