කළුතර වෙරළට ගොඩගැසූ මළසිරුරුවල අනන්‍යතාව හෙළිවෙයි

උතුරු කළුතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් මළසිරුරු දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මවකගේ සහ දියණියකගේ බවට හදුනාගෙන තිබේ.

ඊයේ (27) පස්වරුවේ උතුරු කළුතර වෙරළ තීරයේ තිබී දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, එම වෙරළ තීරයටම ගොඩගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මියගිය දැරිය සහ කාන්තාව දොඩංගොඩ හල්කදවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු 02ක් වූ දියණිය බවට හදුනාගත් බව පොලීසිය පවසයි

ඔවුන් දෙදෙනා මීට දින දෙකකට පෙර නිවසින් බැහැරව ගොස් ඇති බවටද පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, මෙය සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්ය.

Werzuo Digital

Leave a Reply