කුවේටයේ සිටි ශ්‍රි ලාංකිකයන් 62ක් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කළේය.

මෙම පිරිස අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

මොවුන් අතරින් 59 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයන් බව ද තානාපති කාර්යලය පවසයි.

මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳීසිටිමින් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය

Werzuo Digital

Leave a Reply