අහංගම මුහුදේ ගිලී පුද්ගලයෙකු අතුරුදහන්

අහංගම ගොව්යපාන හොටෙල් පාසල පිටුපස වෙරළ තීරයේ දියනාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (25) දහවල් රළ පහරට හසුව ගසාගෙන ගොස් ඉන් එක් අයෙකු අතුරුදහන්වි අනෙක් පුද්ගලයා බේරාගෙන ඇති බව අහංගම පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ මහවත්ත දෙනියාය පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

දෙනියාය පදිංචි 24 හැවිරිදි තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන 1990 සුව සැරිය ගිලන් රථයෙන් කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

අතුරුදහන් පුද්ගලයා සොයා අහංගම පොලිසිය ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Werzuo Digital

Leave a Reply