TikTok යෙදවුමේ අලුත්ම වෙනසක්

TikTok යෙදවුම වීඩියෝ පළකිරීම සඳහා නිමවා ඇති මෙවලමක් ලෙසට පැවතියත් දැන් එහි අලුත්ම වෙනසක් සිදු කිරිමට එම සමාගම කටයුතු කර තිබේ

ඒ අනුව ෆේස්බුක් ත්‍රෙඩ්ස් සහ ට්විටර් X සමාජ ජාලවලට අභියෝගයක් කළ හැකි අලුත් වෙනසක් සිදුකිරීමට TikTok හිමිකරුවන් පියවර ගෙන තිබේ.

ඒ අනුව වැකි පළ කිරීමට හැකිවන ලෙස TikTok සඳහා නව වෙනසක් සිදුකර ඇති බව එම මෙවලම හිමි චීන සමාගම පැවසීය.

එමගින් ග්‍රාහකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන බව එම සමාගම ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව TikTok ග්‍රාහකයින්ට ටෙක්ස්ට්, වීඩියෝ හෝ ඡායාරූප සිය ගිණුමේ පළ කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ.

Werzuo Digital

Leave a Reply