අඟුරුවාතොට අතුරුදහන් මවගේ සහ බිළිදියගේ සිරුරු හමුවෙයි

අඟුරුවාතොට රත්මල්ගොඩ කැළෑවක තිබියදී බිළිඳියගේ සහ මවකගේ සිරුරු සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පසුගියදා අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ අතුරුදන්වූ බව කියූ 24 හැවිරිදි එක්දරු මවගේ සහ මාස 11ක් පමණ වයසැති ඇයගේ බිළිඳියගේ සිරුරු එලෙස හමුවී ඇති බව පොලිසිය පවසයි.

නිවසට මීටර් 500ක් පමණ ඈතින් වූ කැළෑ ප්‍රදේශයක තිබියදී ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් අද (21) එම සිරුරු සොයාගෙන තිබේ.

සිඟිත්තිය සමඟ ඇය අතුරුදන්ව ඇති බවට පසුගියදා අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්වී ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලීසියට එලෙස පැමිණිල්ලක් සිදුකර තිබුණි.

Werzuo Digital

Leave a Reply