යක්කලමුල්ල පොලිස් පෙරෙට්ටුවේදි උප පොලිස් පරික්ෂක මියයයි

යක්කලමුල්ල පොලිසියේ අද (10) පෙරවරුවේ පැවති පෙරෙට්ටුවට සහභාගිවි සිටි උප පොලිස් පරික්ෂකවරයෙකු හදිසියේම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 58 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයෙකි.

ඔහු අද උදැසන පැවති පෙරෙට්ටුවට සහභාගි වි සිටියදි හදිසියේම රෝගාතුර විම නිසා උඩුගම රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇතැයිද මියගිය උප පොලිස් පරක්ෂකවරයා හෘද රෝගියෙකු බවද පොලිසිය පවසයි.

මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතව තිබින.  

Werzuo Digital

Leave a Reply