ඉතාලියේ ගඟක නාන්න ගිය ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකු මරුට

ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ පිහිටි ගඟක නෑමට ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු සැඩපහරකට හසුවී ගසාගෙන යද්දී එම තරුණයා බේරා ගැනීමට ගඟට පැන්න ඔහුගේ පියාද පුතු සමඟ දියේ ගිලී මිය යාමේ පුවතක් ඉතාලියෙන් වාර්තාවේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ 60 හැවිරිදි පියා බව වාර්තාවේ

ඉතාලියේ රැකියා කරන පිය පුතු දෙපළ  ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන් පිරිසක් සමග ඉකුත් සිකුරාදා මෙමගඟේ නෑමට ගොස් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවේ.

නෑමට ගිය පිරිස වහාම මේ බව හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු එරට ආරක්ෂක අංශ කිමිදුම්කරුවන් කණ්ඩායමක් පැමිණ පැය කිහිපයකට පසුඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ සහ හදිසි මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු පිය පුතු දෙපළ ගේ සිරුරු මෙරටට ගෙන ඒමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply