අනුරාධපුරය – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස් බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 6 දෙනෙකු හා පිරිමි පුද්ගලයෙක් අඹන්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් 18 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ගල්ගමුව රෝහලේ ද ප්‍රතිකාර ලබයි.
මේ අතර පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
ඊයේ සිදුවු මාරක බස් රථ අනතුරු
මනම්පිටිය දී බස් රථයක් ගඟට පෙරලී 10 මරුට – 40 කට තුවාල
බසයක් පෙරලී 12 රෝහලට