දිවයිනේ ප්රදේශ කීපයක දියේ ගිලී පුද්ගලයන් හතර දෙනකු අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.
මන්නාරම – උයිලංකුලම – යෝධ වැවේ ධීවර කර්මාන්තය සඳහා ගිය පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ.
ඊයේ (02) පස්වරුවේ මොවුන් දෙදෙනා ඔරුවකින් පිටත්ව ගොස් ඇති අතර, යළි නොපැමිණීම හේතුවෙනුයි ඥාතීන් පොලිසිය දැනුවත් කර ඇත.
අතුරුදන් පුද්ගලයන් සොයා පොලිසිය සහ ප්රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, මෙලෙස අතුරුදන්වී ඇත්තේ අවුරුදු 37 සහ 55 යන වයස්වල පසුවන පරප්පකණ්ඩාල් ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
අත්තනගල්ල ඔයේ දූල්මලේ පාලම අසල පෙරේදා (01) දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලී අතුරුදන් වී ඇත.
අතුරුදන්ව ඇති කාන්තාව 21 හැවිරිදි ගුණසිංහපුර ප්රදේශයේ පදිංචිකාරියක්.
නිටට්ඹුව පොලිසිය හා ප්රදේශවාසීන් විසින් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මේ අතර දැදුරු ඔයේ නාන මංකඩදී දිය නෑමට පැමිණි විනෝදා චාරිකාවක නිරත පිරිසක් අතරින් එක් අයකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
පොලීසිය, නාවික හමුදාව හා ප්රදේශවාසීන් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අතුරුදන් පුද්ගලයාගේ සිරුර සොයා ගෙන ඇති බව වාර්තාවේ.
මියගිය පුද්ගලයා 42 හැවිරිදි මීගමුව, මිහිරිගම පාරේ පදිංචිකරුවෙකි.