මුහුදේ දිය වැලකට හසුව දෙදෙනෙකු මරුට

නොරෝච්චෝල ඉලන්තඩිය කසකැලේ මුහුදේ දිය වැලකට හසුවු දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

එසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි මොහොමඩ් සයිඩ් කච්චි මොහොමදු හා ඔහුගේ මුණුබුරා වන 21 වන හැවිරිදි මොහොමඩ් සහීර්කාන් නැමති තරුණයෙකි.

සිය මුණුබුරන් හා පවුලේ ඥාතීන් සමග ඉලන්තඩිය වෙරළට පැමිණි මෙම පිරිසේ බලවත් ඉල්ලීම පරිදි මුහුදේ දියනෑමට සීයා අවස්ථාව සලසා දී තිබේ.

කෙසේ වෙතත් මුණුබුරන් තිදෙනා එකවර දිය වැලකට හසුවී ගසාගෙන යනු දුටු සීයා මුහුදට පැන පීනා මුණුබුරන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් සමග එක්ව බේරාගෙන ගොඩට ගෙන ඇත.

පසුව අනෙක් මුණුබුරා බේරාගැනීමට යෑමේදී සියා හා එම මුණුබුරා දියවැලකට හසුවී නොපෙනී ගොස් තිබුණි.

එම සිදුවීමෙන් අනතුරුව සීයාගේ සිරුර ඉලන්තඩිය මුහුදේ තිබී ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබුණු අතර මුණුබුරාගේ සිරුර ඊයේ (02) රාත්‍රියේ ආලංකුඩාව මුහුදේ පාවෙමින් තිබිය දී ධීවරයින් දෙදෙනෙකු විසින් ගොඩට රැගෙන විත් තිබුණි.

Werzuo Digital

Leave a Reply