ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි

දිවයිනේ නිරිත දිග දැනට පවතින වැසිබර තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එහි වැඩිදුරටත් සදහන්ය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවන බැවින් සුළංවලින් හා අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

Werzuo Digital

Leave a Reply