YouTube වීඩියෝ නරඹා ගිනිඅවි නිපදවූ දෙදෙනෙක් අත්අඩංගුවට

YouTube වීඩියෝ නරඹා ගිනිඅවි නිපද වූ පුද්ගලයින් දෙදෙනෙකු අද (20)අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් දෙදෙනාගේ ඥාතීත්වය මාමා සහ බෑනා වශයෙන් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් සන්තකයේ තිබී T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, අඩි 05ක් පමණ දිග ගිනි අවියක්, T56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසයි.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Werzuo Digital

Leave a Reply