කොළඹ මහනුවර මහා මාර්ගයේ රදාවඩුන්න හතලිස් පහේ කණුව ප්රදේශයේ දී අද( 20) අලුයම සිදු වූ රිය අනතුරකින් යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ඒ හේතුවෙන් බවුසරයේ ගැටුණු මෝටර් රියට දැඩි අලාභ හානි සිදු වී ඇත.
මෝටර් රථයේ ගමන්ගත් යුධ හමුදා සාමාජිකයින් තිදෙනා තුවාල ලබා ඇති අතර එහි රියදුරු බරපතල තත්වයෙන් යුතුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත .
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි