ගාල්ල, අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද (13) අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කපුහෙම්පල කාතුහේනවත්ත පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි
ඔහු නිවසේ සාලයේ බිම නිදා සිටියදි අලුයම හතරට පමණ නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුලුවි ඔලුවට පිහියෙන් ඇන මෙම ඝාතනය කර තිබෙන බවද පොලිසිය පවසයි. පිහිය ඔලුවේ තිබියදිම ඝාතකයා පලාගොස් ඇත
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.