විදේශ රැකියා ගැන කියා මුදල් ගන්නා අය ගැන සැළකිලිමත් වන ලෙසට දැනුම්දීමක්

වලංගු අනුමැතියකින් තොරව විදේශ රැකියා ලබාදෙන බවට මුදල් අයකරන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම් 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කරයි. 

එසේම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864241 අංකය ඇමතීම මගින් කාර්යාංශය වෙත දැනුම් දෙන මෙන් මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.  

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය ආයතනයක හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියාදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.

Werzuo Digital

Leave a Reply