කොස් ගෙඩියක් වැටි කුඩා දැරියක් ජිවිතක්ෂයට

කොස් ගෙඩියක් හිස මතට වැටිමෙන් බරපතල තුවාල ලැබු අවුරුද්දක් සහ මාස එකක් වයසැති දැරියක් මියගොස් ඇති බව කරාපිටිය රෝහලේ දි ඊයේ (07) පැවති හදිසි මරණ පරික්ෂණයේ දි  අනාවරණය වි තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අක්මිමන, අංකොක්කාවල පදිංචි දැරියකි.

මෙම දැරියගේ මව සහ පියා දැරියත් කැටුව වදුරඹ, පොල්කනත්ත ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට සහභාගිවිම සදහා ගොස් තිබේ.

දැරියට දාඩිය දැමීම නිසා මව දැරියත් වඩාගෙන මළ ගෙදර පැවති නිවසේ ගෙවත්තේ ඇවිදමින් සිට තිබෙන අතර ඒ සමඟ කොස් ගසක තිබු කොස් ගෙඩියක් කඩාගෙන මවගේ සහ දැරියගේ හිස්මතට වැටිමෙන් මෙම අනතුර වී තිබේ

මියගිය දැරියගේ මව මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කර තිබේ.

මවත් සුළු තුවාල ලබා ඇති අතර කොස් ගෙඩියේ බර කිලෝ 08ක් පමණ වන බව මරණ පරික්ෂණයේ දි අනාවරණය වි තිබේ.

මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන්.කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකර තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යු.සි.පි.පෙරේරා මහතා විසින් සිදු කළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මොළයට වු තුවාල නිසා ඇතිවු සංකුලතා හේතුවෙන් මරණය වි ඇති බවට තින්දු කර ඇත.

Werzuo Digital

Leave a Reply