O/L විභාගයට පෙනී සිටි පුතු රැගෙන ත්‍රිරෝද රියකින් නිවෙස බලා යමින් සිටි පියා හෘදයාබාධයකින් මරුට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තම පුතු රැගෙන ත්‍රිරෝද රථයකින් නිවෙස බලා යමින් සිටි පියකු හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිහැන්නදිගේ තුෂාන් මෙනක නමැති 41 හැවිරිදි පනාගමුව, වංචාවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

මියගිය අය පුතු රැගෙන නිවස බලා එමින් සිටියදී ගාල්ල දෙවට ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය නතරකොට එළවළු මිලදී ගැනීම සඳහා කඩයකට ගොස් ඇත. පසුව එළවළු කඩය තුළදී මොහු එකවරම ඇද වැටී ඇති අතර, කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇත

Werzuo Digital

Leave a Reply