ගාල්ලේ තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට

දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල දකුණ වැවේ දියනාමින් සිටියදී අද (04) පෙරවරුවේ පාසල්  සිසුවකු ඇතුළු තරුණයන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල, හබරාදූව වංචාවල ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 17 සහ 19 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි.

ගාල්ල හබරාදුව ප්‍රදේශයේ 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (03) බස් රථයකින් දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල ප්‍රදේශයට විනෝද චාරිකාවක් පැමිණ ඇති බව පොලීසිය පවසයි.

අද පෙරවරුවේ මෙම තරුණයන් දෙදෙනා  තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී  පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර  දිය නාමින් සෙසු පිරිසකගේ කෑ ගැසීම ඇසී ප්‍රදේශවාසීන් පැමිණ තරුණයන් දෙදෙනා  ගොඩගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇත.

දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන්  අනතුරුව මොවුන් මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply