යුද හමුදාව ඩ්‍රෝන යානාවලින් කෘමි සහ වල්නාශක යොදයි

ශ්‍රී ලංකා යුද හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන් පසුගිය සිකුරාදා (02) ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක හමුදාව විසින් වගාකරනු ලබන වී වගාවන් සඳහා කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කළේය.

යුද හමුදාවේ සංකල්පයක් මත මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ විය. මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න සඳහා යෙදවීම අපේක්‍ෂා කරයි.

පළමු අදියරේදී යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධීක්‍ෂණය යටතේ ‘Sri Pola Pvt Ltd’ ආයතනය හා ඊට අනුබද්ධ ඇති ‘Aerogeni Pvt Ltd’ ආයතනය සමඟ එක්ව මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී.

Aerogeni Pvt Ltd ආයතනයෙහි නියෝජිතයින් තිදෙනෙකු ඩ්‍රෝන යානා සහ අදාල උපකරණ භාවිතා කරමින් ශ්‍රී ජයවර්ධනපුර, 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් පාලනය වන කුඹුරු යායේ කෘමිනාශක සහ වල්නාශක ඉසීමේ කටයුතු සිදු කළහ.

Werzuo Digital

Leave a Reply