ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග 7ක් අල්ලයි

රුපියල් ලක්ෂ 300කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ මහමොළකරු ලෙසට දැනට හඳුනාගෙන සිටින පුද්ගලයා මන්නාරමේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අතර ඉන්දියාවේ තමිල්නාඩු පදිංචිය සහිත 38 හැවිරිදි සැකකරුවෙකු ද වන බවද වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply