ගාලු සාහිත්‍ය උළෙල (GLF) යළි පවත්වන්න ජනපතිගෙන් උපදෙස්

වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඊට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එම වැඩසටහන් මාලාව 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙන අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන මුල් කර ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ කලා අංග ඇතුළත් වැඩසටහන් රැසක් එළි දැක්වීමට ද නියමිතව තිබේ

Werzuo Digital

Leave a Reply