උණවටුන එරබුදුගහ හන්දියේ පිහිටි නවාතැන් පොළක සිටි රුසියානු ජාතිකයකුගේ කාමරය කඩා රුපියල් ලක්ෂ 59කට අධික වටිනාකමක් ඇති මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
පෙරේදා (27) රාත්රී කාලයේ මේ රුසියානු සංචාරකයා සහ ඔහුගේ බිරිය නවාතැන් පොළේ රැඳී නොසිටි අවස්ථාවකදී මේ සොරකම සිදුව ඇත.
ඔහු පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ නවාතැන් පොළේ දොර කඩා ඇතුළු වී කාමරයේ අල්මාරියේ දමා තිබුණු රුපියල් 140,000ක් අමෙරිකානු ඩොලර් 17,000ක් සහ සුදු රත්තරන් මාලයක් සොරාගෙන ගොස් ඇති බවයි.
ආරක්ෂක කැමරා දර්ශන ද පරීක්ෂා කරමින් මේ සොරකම ගැන හබරාදුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යනු ලබයි.