වැඩි පරිස්සමට කුස්සියේ සැඟවු ලක්ෂ 19 රන් භාණ්ඩ හොරු අරන්

වැඩි ආරක්ෂාව සඳහා මුළුතැන්ගේ පෝරණුවේ සඟවා තිබූ කාන්තාවකගේ රුපියල් ලක්ෂ 19 වටිනා රන් භාණ්ඩ කිසිවකු සොරාගෙන ගොස් ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.

බුලත්කොහුපිටිය හිග්ගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් මේ බව බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම රන් භාණ්ඩ පෝරණුව තුළ සඟවා ඇති බව හොඳින් දැන සිටි අයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි

මෙම සොරකම සිදුකළ පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර බුලත්කොහුපිටිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply