TikTok හරහා මිතුරු වි 10 වසරේ සිසුවිය 16 හැවිරිදි තරුණයා එක්ක පැන ගිහින්

ටික් ටොක් හරහා මිතුරු කර ගත් තරුණයෙකු සමඟ පලා ගිය බාල වයස්කාර දැරියක් හා එම තරුණයා පෙරේදා (11) අත් අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය පවසයි.

අඟුරුවාතොට ප්‍රදේශයේ පාසලක 10 වසර පංතියේ ඉගෙනුම ලබන අවුරුදු 15ක් වයසැති මෙම දැරියගේ මවත් පියාත් කථන ආබාධිත අය බවත් පොලිසිය පවසයි.

ටික් ටොක් හරහා තරුණයින් කීප දෙනෙකු සමගම මිතුරු වි ඇති මෙම දැරිය මීට පෙරද මතුගම ප්‍රදේශයේ තරුණයෙකු නිවෙසට ගෙන්වා ගෙන ඇති අතර මව ඊට තදින් විරුද්ධ වීම නිසා එය නතර කර බේරුවල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම තරුණයෙකු සමඟ පලා ගොස් තිබේ.

මෙම තරුණයා කළුතර බෝධිය අසලදි දැරිය මුණ ගැසී බේරුවල නිවෙසට රැගෙන ගොස් ඇති අතර ඔහුගේ මවද තදින් විරුද්ධ වි ඇති අතර ඔවුන් මුහුදේ පනින බව පැවසිම නිසා මව භාරයේ පසුවි ඇතැයි පොලිසිය පවසයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන බවත් තරුණයාට විරුද්ධව බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරිම මත නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.

අඟුරුවාතොට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply