මහ වැස්සෙන් ගාල්ල නගරය යටවෙයි (VIDEO)

අද (12) පස්වරුවේ පැයක පමණ කාලයක් ඇදහැලුණු අධික වර්ෂාවක් හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට විය.

ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය ගාල්ල වක්වැල්ල – ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග රැසක් මෙම ජල ගැල්මට හසුව තිබිණි. මොරගොඩ ඇල පිටාර ගැලීම නිසා මොරගොඩ ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටව තිබු අතර සමහර ප්‍රදේශ අඩි දෙකක පමණ ජලයෙන් යටව තිබිණ.

ගාල්ල නගරය ගාමිණී මාවත ප්‍රදේශය ද ජලයෙන් යටව තිබිණි.

ගාල්ල – බද්දෙගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, දංගෙදර සහ බද්දේගම යන ප්‍රදේශවලින් යටව තිබූ අතර ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල නගරයෙන් සහ මිනුවන්ගොඩ සංඝමිත්තා පාසල අසලින් ජලය යට ව තිබිණි.

මේ හේතුවෙන් මෙම මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වූ අතර ජනතාව පවසන්නේ ජලය බැස යන කාණු සහ ඇළ මාර්ග සුද්ද නොකිරීම මෙම යට වීමට හේතු වූ බවයි

Werzuo Digital

Leave a Reply