හුංගමදී බෝම්බයක් සොයාගනි

හුංගම, උහපිටිගල ප්‍රදේශයේ මාර්ගයක් අසල අත්බෝම්බයක් ඇති බවට ඊයේ (11) රාත්‍රියේ පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිළධාරීන් විසින් විදේශිය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

පසුව එම අත් බෝම්බය හුංගම පොලිසිය වෙත ගෙනැවිත් ආරක්ෂා සහිතව තබා ඇති අතර මේ සම්බන්ධයෙන් අද (12)  අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු නිශ්ක්‍රීය කිරිමට නියමිත තිබින.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply