කුඩා දරුවන්‌ගේ කන් ඇසීමේ දුර්වලතාව පළමු මාස 06 තුළම මව්පියන්ට හඳුනාගන්නට හැකිවුවහොත් ඒ සඳහා ප්‍රතිකාර කර සුව කර ගැනීමේ සම්භාවිතාව ඉහළ බව වෛද්‍යවරු පවසති.
මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය රවීන්ද්‍ර කිරිහේන මහතා කියා සිටියේය, ඇසීමේ දුර්වලතා වර්ග දෙකක් ඇති බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,
“ඇසීමේ දුර්වලතා වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි උපතින්ම ඇසීම නැහැ. ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ළමයින්ගේ අනාගතයට මොකද ඇසීම උපතින්ම නැතිනම් කන්දෙකේම.. ළමයාට කන් ඇසෙන්නේ නැතිනම්, භාෂාවක් ඉගෙන ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වචන කථා කරන්න හැකියාවක් නැහැ. වචන කථා කරන්න බැරිනම් ඒයාට ලියන්නත් බැහැ. වචනයක් කියන්නේ එයාට පිංතූරයක් විතරයි. ළමයාගේ හැසිරීමෙන් ඇහීම නැද්ද කියලා බලන්න ගියොත්, ඒකට සෑහෙන කාලයක් යනවා අවුරුදු දෙකක්. එතකොට පරක්කු වැඩියි. ඒ හින්දා දැන් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියක් තමයි ළමයෙක් ඉපදුන ගමන්ම ඇසීමේ පරීක්ෂණයක් කරනවා. OAE කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒ ටෙස්ට් එකේ පාස්ද ? ෆේල්ද ? කියලා එනවා. පාසනම් පාස්, ෆේල් නම් ෆේල් කියන්නේ නැහැ. තව පාරක් ටෙස්ට් එකක් කරනවා මාසයක් ඇතුළත. දෙවනි පාරත් ඒ ටෙස්ට් එක ෆේල් නම් ඊට වඩා විශේෂ පරීක්ෂණයක් කරනවා EBR කියලා.
ඒ ටෙස්ට් එකත් ෆේල් නම් මාස 6කින් තවත් ආපසු සැරයක් කරලා. ඇසීම අඩුකම අඩුම ගානේ මාස 3ක් 6ක් ඇතුළතවත් අඳුරගන්න ඕනේ. ඇසීම අඩුකම ගොඩක් අඩුයිනම් ඒ ළමයිට හියරින් උපකරණ දෙන්න ඕනේ. සමහර ළමයින්ට ඇසීම ගොඩක් අඩු වුණාම සාමාන්‍යයෙන් කනේ පළඳින ශ්‍රවණා උපකරණ සුදුසු නැහැ. පවර් එක මදි. එහෙම අයට කොක්ලීන් ප්ලාන්ට් කියලා සජරියක් කරලා ශ්‍රවණ උපකරණයේ කොටසක් හිස් කබල ඇතුළේ කරණ ශංඛයට බද්ද කරනවා. කොටසක් එළියෙන් තියනවා නාන වෙලාවට ගලවලා ආපහු දාගන්න.
එකේ වැදගත්කම තියෙන්නේ මොළේ කියන එක කාලයක් යද්දි මෝරනවා. අවුරුදු 6 – 7 දී ඇහෙන්නේ නෑ කියලා දැනගෙන උපතින් ආපු අඩුපාඩුවකට කොක්ලීන් ප්ලාන්ට් කියලා සැත්කම කරලා සාර්ථක ප්‍රතිඵල ලබන්න බෑ. ඒක ලබන්න නම් මොළය මෝරන්න කලින් ඒ උපකරණය දෙන්න ඕනේ. අඩුම ගානේ අවුරුද්දේදිවත් දෙන්න ඕනේ. අවුරුද්දකින් කරණ ශංඛ බද්දයක් කරන්න අඩුම ගානේ මාස 6 දීවත් ළමයා ඇහෙන්නේ නෑ කියලා පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙන්න ඕනේ. අවුරුද්දත් දෙකක් ඇතුළත මේ සැත්කම කළොත් අවුරුදු දෙකක් ට්‍රේන් කරන්න ඕනේ දරුවාගේ කන. අවුරුදු 5 වෙද්දි සාමාන්‍ය විදියට කතා කරන්න ගන්නවා. ළමයා කතා කරන කල් හිටයොත් පරක්කු වැඩියි.”