පිලිපීනයේ ප්‍රබල භූමිකම්පාවක්

දකුණු පිලිපීනයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය

භූමිකම්පාවෙන් නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් වලට හානි සිදු විය හැකි බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මේ අතර පිලිපීන මාධ්‍ය වාර්තා කළේ මෙම භූ චලනයේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 ලෙස සටහන්ව ඇති බවයි.

එරට වේලාවෙන් පස්වරු 2.02 ට පමණ Davao de Oro හි Margusan සිට කිලෝමීටර් 13 ක් වයඹ දෙසින් භූමිකම්පාව ඇතිව තිබේ

Werzuo Digital

Leave a Reply