පෙම් හබයක් නිසා සිසුවකු විදුලි පංකාවක එල්ලී ජිවිතක්ෂයට

පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සිසුවෙකි.

ඔහු මියයාමට පෙර අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට ගෙල ප්‍රදේශයට ඇද ඇතිරිල්ලක් දමාගෙන සිටින ඡායාරූපයක් යවා ඇති අතර ඇය ඒ පිළිබඳව මියගිය සිසුවාගේ දෙමව්පියන්ට දැනුම්දීමෙන් පසු නිවැසියන් සොයා බැලීමේදී කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී සිරුර සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මියගිය සිසුවා තරුණිය සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එය නතර කර දමා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය සිසුවා පන්නිපිටිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ රැදෙමින් විශ්වවිද්‍යාලයට ගොස් ඇති අතර එම නිවසේදී මෙලෙස ගෙලවැලලාගෙන තිබේ. 

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබු අතර මහරගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply