අලියා පුංචි මන්ත්‍රීවරුන් 1137 දෙනෙකු එළවයි

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි. 

තවමත් පළාත් පාලන ආයතන නිල කාලය අවසන්ව නොමැති බැවින් පක්ෂය විසින් ඉදිරියේදි නව සභිකයන් 1137 දෙනකු පළාත් පාලන ආයතන වෙත පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

Werzuo Digital

One thought on “අලියා පුංචි මන්ත්‍රීවරුන් 1137 දෙනෙකු එළවයි

Leave a Reply