සිය මියගිය පුතුගේ තෙමස් පිංකමට සහභාගි වීමට පිටරටක සිට පැමිණි කාන්තාවකට තියුණු ආයුදයකින් පහරදි ඝාතනය කර එම පුද්ගලයාද සියදිවි හානි කරගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
ගොකරැල්ල වෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක් තම සැමියා අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාව දිගු කාලයක් විදේශයක රැකියාවක් කරමින් සිට ඇති අතර මීට මාස තුනකට පෙර හදිසි අනතුරකින් මිය ගිය 19 හැවිරිදි තම වැඩිමහල් පුත්‍රයාගේ තෙමස් දානයට සහභාගි වීමට පසුගිය මස මෙරටට පැමිණ ඇත.
විවාහයෙන් වෙන්ව සිටි සැමියා හොර රහසේ ඊයේ රාත්‍රියේ කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයට මන්නයකින් පහරදී කපා කොටා ඝාතනය කර ඇති බවත් පවුල් ආරාවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි